සුභ උපන්දිනයක් ගරු අග්මැතිතුමනි
Jhon Cena ගැන අහලා තියෙනවා ද? ගොඩක් අය කියයි ඔව් කියල.. එතකොට World Wrestling Entertainment ගැන අහලා තියෙනවාද? සමහර අය කියයි ඔව් කියල සමහර අය කියයි නෑ කියල.. ඇයී ඒ? මොකද Jhon Cena ගැන දන්න හැමෝම WWE එක ගැන දන්නෙ නැති නිසා හොඳම උදාහරණය අපේ අප්පච්චී. කතාව ඒක නෙවෙයි ..
Jhon Cena රින්ග් එකට එද්දි Fans ලා Cheer කරනවා වගේම Boo කරනව මොකද Cenata කැමති අය වගේම අකමැති අයත් ඉන්නව. පොරට කැමති අය Let's Go Cena කියලා සද්දේ දාද්දි අකමැති අය Cena Sucks කියල සද්දේ දානවා.. පොඩ්ඩක් ඉන්න, ඒ කියන්නෙ ප්රතිවාදී තරඟකරුට Cheer කරන්නෙ නැද්ද?
නෑ , මොකද ප්රතිවාදියා ගොඩක් අයට අදාල නෑ එයාලට ඕනේ එක්කෝ Cena දිනනව දකින්න නැත්තන් පොර පරදිනව දකින්න මොකද Jhon Cena තමයි WWE එකේ Brand එක.. Cena විතරද WWE එකේ හිටපු Brand නෑ ඉතිහාසයේ Hulk Horgan, Rock වගේ Brands WWE එකේ හිටියා.
WWE වල වගේම ලංකාවේ දේශපාලනයේත් පොලිටිකල් Brands තිබ්බා S.W.R.D.බණ්ඩාරනායක, J.R.ජයවර්ධන කියන්නේ අදටත් අපි කතා කරන ලංකාවේ පොලිටිකල් Brands හැබැයි WWE වල Cena වගේ ලංකාවේ දේශපාලනයේ වර්තමාන Brand එක තමයි මහින්ද රාජපක්ෂ කියන්නෙ.. මහින්දට කැමති අය වගේම මහින්දට අකමැති අයත් ඉන්නවා..
ජන්දය දාද්දි ලංකාවේ ගොඩක් ප්රතිවාදී අපේක්ෂකයා ගැන හිතනවට වඩා හිතන්නෙ මහින්ද ගැන.. මහින්දට කැමති අය පක්ෂවත් අකමැති අය විරුද්ධවත් ජන්දය පාවිච්චි කරනව.. හරියට Let's Go Cena .. Cena Sucks කියලා කියනව වගේ ..
මම පෞද්ගලිකව හිතන්නෙ නෑ මහින්ද වගේ පොලිටිකල් Brand එකක් අයේ සෑහෙන කාලෙකට ලංකාවෙ හැදෙයි කියලා. මොකද ජනාධිපති උනත්, අගමැති උනත්, ඇමති උනත්.. නිකම්ම නිකම් මන්ත්රී උනත් ...
මහින්ද රාජපක්ෂ කියන්නෙ මහින්ද රාජපක්ෂට නිසා..
සුභ උපන්දිනයක් ගරු අග්මැතිතුමනි
- Nabade -
Comments
Post a Comment